වැඩියෙන් කෑගසන්නේ වැඩියෙන් සොරකම් කළ අය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසයි.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කළුතර, 735 මහා පයාගල ග්‍රාම සේවා වසමේ ඉදිකළ ප්‍රජා ශාලාව හා සේවා පියස නවීකරණයෙන් පසු ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය කර ඇත.
















