2025 වර්ෂය සඳහා පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 26 වන දින දක්වා දිවයින පුරා පැවැත්වුණු මෙම විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිටි අතර, විභාගයට මුහුණ දුන් සියලුම සිසුන්හට අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි (https://www.doenets.lk/) වෙත පිවිස තමන්ගේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
















