මාර්ගයේ ධාවන කටයුතු අද (20) සිට නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මීට පෙර සුළි කුණාටුවෙන් නානුඔය සහ අඹේවෙල අතර ප්‍රදේශයට සිදු වූ දැඩි හානි හේතුවෙන් දුම්රිය ගමනාගමනය අඹේවෙල දක්වා සීමා කර තිබුණි. කෙසේ වෙතත්, මේ වන විට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බැවින්, අද දින සිට බදුල්ල සහ නානුඔය අතර දිනකට දුම්රිය ගමන් වාර හතරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මේ අතර, අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ දැනට සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු ද මෙම වසර අවසන් වීමට පෙර සාර්ථකව නිම කිරීමට සැලසුම් කර ඇති බවයි.
















