ඉරානය විසින් අලුතින් පිහිටුවන ලද ‘පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය’ විසින් උපායමාර්ගික වැදගත්කමක් ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලුම යාත්‍රා සඳහා නව රෙගුලාසි මාලාවක් නිකුත් කර තිබේ.
මෙම නව අධිකාරියට හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය අධීක්ෂණය කිරීමේ පූර්ණ වගකීම පැවරී ඇති අතර, ඒ අනුව එම මාර්ගය භාවිතා කරන සියලුම නැව් තම අධිකාරිය යටතේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා ඇත. මෙම නව නීතිවලට අනුව, අදාළ ප්‍රදේශයට ඇතුළු වීමට පැය 48කට පෙර ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම නිවේදනයක් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.
සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන ගමනාගමනය නොමිලේ සහ සාමාන්‍ය පරිදි සිදුවන බව ඉරාන බලධාරීන් පවසා ඇතත්, මෙම නව නීති පැනවීමත් සමඟ කලාපයේ නැව් ගමනාගමනය සම්බන්ධයෙන් පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
















