මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී, මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මෙම වැටලීම ඊයේ (19) මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී සිදුකර ඇති අතර, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 750ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 115ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු එරනවිල ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු විදෙස්ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















