දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන HIV මර්දන වැඩසටහන් සඳහා මෙතෙක් වසරක් පාසා ලබාදුන් අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ.
ලොව වැඩිම HIV වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් (මිලියන 8කට අධික) වාර්තා වන රට ලෙස දකුණු අප්‍රිකාව සැලකෙන අතර, 2025 වසර දක්වා ජනාධිපති හදිසි අරමුදල (PEPFAR) හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 400ක පමණ මුදලක් අමෙරිකාව විසින් එම රටට ලබා දී ඇත.
මෙම අරමුදල් කප්පාදුවට ප්‍රධාන හේතුව ලෙස විදෙස් වාර්තා දක්වන්නේ, දකුණු අප්‍රිකාවේ සිටින සුළුතර සුදු ජාතික ප්‍රජාව ආරක්ෂා කිරීමට එරට රජය අපොහොසත් වී ඇති බවට අමෙරිකාව එල්ල කරන චෝදනාවයි. කෙසේ වෙතත්, මෙම චෝදනාව දකුණු අප්‍රිකානු රජය විසින් අවස්ථා ගණනාවකදීම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයට පත්වීමෙන් අනතුරුව, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යම් පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වේ.
















