විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව මත වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සහ වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රනිල් තරංග විතාරණ යන අය මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (19) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය විසින් ඔහුව ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
මීගමුව, තලාදූව පාරේ පදිංචි පුද්ගලයෙකු විසින් ඊශ්‍රායෙල් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බව පවසා සැකකාර මන්ත්‍රීවරයා විසින් මුදල් වංචා කර ඇති බවට විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය එළඹෙන 24 වන දින පැවැත්වීමට නියමිතය.
















