දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, තම පරිශ්‍රයන්හි ඩෙංගු මදුරුවන් බෝවීමට සෘජුවම ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.
පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ව සිදුකරන වැටලීම්වලදී මෙම පිරිස හඳුනාගෙන ඇත. පොලිසිය අවධාරණය කරන්නේ මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරින් තම නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව තබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියටත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සිය පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව සෞඛ්‍ය අංශ සිහිපත් කරයි.
















