ඇමරිකානු පරිපාලනය විසින් වත්මන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදීන් වන නෆ්තාලි බෙනට් (Naftali Bennett) සහ ගාඩි අයිසෙන්කොට් (Gadi Eisenkot) යන නායකයන් සමඟ රහසිගතව දුරකථන සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා. මෙම වාර්තා නිවැරදි නම්, එය මෑත වසර කිහිපය තුළ ඇමරිකා – ඊශ්‍රායල සබඳතාවල සිදුවූ විශාලතම සහ තීරණාත්මකම දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකියි. වත්මන් පාලක සන්ධානය බිඳ වැටුණහොත් නෙදන්යාහු වෙනුවට බලයට පත්විය හැකි ප්‍රධානතම විකල්ප නායකයන් ලෙස සැලකෙන්නේ මොවුන් දෙදෙනායි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු පාලන කණ්ඩායම වත්මන් ඊශ්‍රායල රජය කෙරෙහි කෙතරම් කලකිරීමට පත්ව ඇත්ද යත්, ඔවුන් දැනටමත් නෙදන්යාහුගෙන් පසු එළඹෙන ඊශ්‍රායලයේ දේශපාලන අනාගතය (the day after) සැලසුම් කිරීමට පටන් ගෙන තිබෙනවා.
ඇමරිකාව මෙලෙස නෙදන්යාහු මඟහැරීමට තීරණය කර ඇත්තේ හුදෙක් ප්‍රතිපත්තිමය මතභේද නිසාම නොව, නෙදන්යාහුගේ ආණ්ඩුවේ සිටින අන්තවාදී අමාත්‍යවරුන් කලාපීය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට සහ සාම වැඩපිළිවෙළට සෘජු බාධාවක් ලෙස වොෂින්ටනය දකින බැවිනුයි. මේ තුළින් ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින ඓතිහාසික සන්ධානය බිඳ වැටී නොමැති වුවද, නෙදන්යාහුගේ වත්මන් රජය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය සම්පූර්ණයෙන්ම පළුදු වී ඇති බවත්, වොෂින්ටනය දැන් එය ප්‍රසිද්ධියේම පෙන්වීමට පටන් ගෙන ඇති බවත් මෙමඟින් ඉතා පැහැදිලි වනවා.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















