මත්ද්‍රව්‍ය සැපයුම් ජාල බිඳ දැමීම, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජා බලය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් 2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන දිවයින පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකරන ලද මෙහෙයුම්වලදී 2026 ජූනි 19 වන දින දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ සැකකරුවන් පිළිබඳ වාර්තාව පහත දැක්වේ.
හෙරොයින් කිලෝ 580 සහ ග්‍රෑම් 266ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6, ග්‍රෑම් 988 සහ මිලිග්‍රෑම් 410ක් ලෙස අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව ගංජා කිලෝ 916, ග්‍රෑම් 180ක් සහ ගංජා පැළ 04ක්, කුෂ් කිලෝ 7, ග්‍රෑම් 519 සහ මිලිග්‍රෑම් 59ක් ද සොයාගෙන තිබේ. හෂීෂ් කිලෝ 37, ග්‍රෑම් 695ක්, මත්පෙති 2,812ක්, මිනමෝයිඩ් ග්‍රෑම් 215ක් සහ මාලාව කිලෝ 1, ග්‍රෑම් 724ක් ලෙස වාර්තා වේ.
මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 932ක් වන අතර සිදුකර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව 915කි. ඒ අතරින් සැකකරුවන් 05 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, මහජනතාවගේ සහයෝගය ද මේ සඳහා නිරන්තරයෙන් අපේක්ෂා කෙරේ.
















