මිනිසුන් අපරාධවලින් වැළකී සාමකාමීව ජීවත් වන සමාජයක අධිකරණයක අවශ්‍යතාවයක් නොමැති සේම, දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් බිහි කිරීම වත්මන් රජයේ ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, මූලික විමර්ශන නිලධාරීන්ගේ සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයට අදාළ දෙවන පුහුණු වැඩසටහන නිම කළ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට නාරාහේන්පිටදී එක්වෙමින්ය.මිනිසුන් අපරාධ කරන නිසා අධිකරණ පද්ධතියක් අවශ්‍ය වන්නා සේම, සමාජයේ අක්‍රමිකතා පවතින තාක් කල් විමර්ශන නිලධාරීන්ගේ අවශ්‍යතාව පවතී. විමර්ශන නිලධාරීන් හෝ අධිකරණ අවශ්‍ය නොවන තරමට සමාජය සාමකාමී හා සුහදශීලී තැනකට ගෙන ඒම රජයේ අවසාන අරමුණයි.වත්මන් රජය භාර ගන්නා විට රාජ්‍ය සේවයේ ලක්ෂ හතරකට ආසන්න පුරප්පාඩු ප්‍රමාණයක් පැවතිණි. 2017 සිට මේ දක්වා පුරවා නොතිබූ තනතුරු ඇතුළුව, සියලුම දීපව්‍යාප්ත සේවාවන්හි පුරප්පාඩු පිරවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. රාජ්‍ය සේවයේ පවතින දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවත්, වැටුප් වැඩිවීම් ඇතුළු ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍ය සේවය ගුණාත්මක සහ ශක්තිමත් මට්ටමකට පත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.රට තුළ නීතිය ක්‍රියාත්මක වන බව පොදුවේ ජනතාවට දැනෙන්නට සැලැස්වීම තුළින් නීති විරෝධී කටයුතු අවම කරගත හැකි බවත්, එය ජාතික අවශ්‍යතාවක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















