රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබා ගනිමින් රාජ්‍ය සේවයේ නිරතව සිටින පිරිස් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) බරපතළ පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කරන නිලධාරීන් 16 දෙනෙකුම රජයේ මුදලින් වැටුප් දෙකක් බැගින් ලබා ගනිමින් සිටින බවයි.
මීට පෙර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස සේවය කළ සුගීෂ්වර බණ්ඩාර මහතා රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබීය. එම අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට රාජ්‍ය අංශයේ පවතින මෙවැනි නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
















