වැල්ලම්පිටිය නගරයේ පිහිටි බේකරියක අද (ජූනි 21) පස්වරු 4.45ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ සේවයේ රථ දෙකක් වහාම එම ස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇත. ගින්නෙන් සිදුවූ අලාභහානි පිළිබඳව හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.














