ගාල්ල, කොග්ගල මෝයකට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් අද (ජූනි 21) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එක්දරු පියෙකි. මොහු තවත් පිරිසක් සමඟ සංචාරයක් සඳහා කොග්ගල ප්‍රදේශයට පැමිණ සිටි අයෙකි.
අද දහවල් පිරිස සමඟ කොග්ගල මෝයකට ප්‍රදේශයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඔහු දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි. පසුව ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ විසින් ඔහු ගොඩගැනීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















