මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් දිවයින පුරා නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. කේ. එස්. කොතලාවල මහතා සඳහන් කළේ, මෙම නව මධ්‍යස්ථාන කල්පිටිය, කුරුණෑගල, අකුරැස්ස සහ මඩකලපුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මීට අමතරව, මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත්ව සහ පුළුල්ව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන තවත් ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 8ක් සඳහා ඉදිරියේදී නව බලපත්‍ර නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජයේ සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී සිටින පුද්ගලයින් යහපත් සමාජගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















