ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් එස්. පෝල් කපූර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (21) කොළඹට පැමිණියේය. සහකාර ලේකම්වරයා ජූනි 24 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
සිය සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් සහ ඇමරිකානු සමාගම්වල නියෝජිතයින් හමුවී ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය වශයෙන් බෙදාගත් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සංචාරය මගින් ඇමරිකානු සමෘද්ධිය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යන හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට මෙන්ම, ඉන්දීය සාගරයේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වන කැපවීම පිළිබිඹු කරන බවද ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
















