ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජුනාගාද්, ඉව්නගර් ගම්මානයෙන් වාර්තා වූ බිහිසුණු ඝාතනයකට සම්බන්ධ දියණියකට සහ ඇයගේ පෙම්වතාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ.
සිව්දෙනෙකුගෙන් යුත් මධ්‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය වූ 19 හැවිරිදි මීනාක්ෂි, ඇය සේවය කරන ස්ථානයේදී හඳුනාගත් තරුණයෙකු සමඟ රහස් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. සිද්ධිය සිදු වූ දින තම මව උපක්‍රමශීලීව නින්දට යැවීම සඳහා පියාගේ නින්ද යන පෙති වර්ගයක් මවගේ ආහාරයට මුසු කර ඇයව අක්‍රිය කර පෙම්වතාව නිවසට කැඳවා තිබේ.
කෙසේ වෙතත්, අනපේක්ෂිත ලෙස අවදි වූ මව දියණිය පෙම්වතා සමඟ සිටිනු දැක දැඩි ලෙස කෝපයට පත්වී, එම තරුණයාව නිවසින් පලවා හැර මෙම සිදුවීම පියාට පවසන බවට තර්ජනය කර ඇත. පියාගෙන් දඬුවම් ලැබීමට ඇති බිය සහ කෝපය හේතුවෙන් ක්‍රියාත්මක වූ දියණිය, නිවසේ ගබඩා කාමරයේ තිබූ යකඩ පොල්ලකින් මවගේ හිසට දරුණු ලෙස පහර දී ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් පැයකට පෙර නිවසේ සීසීටීවී කැමරා පද්ධතිය ක්‍රියා විරහිත කර තිබීම පොලිසියේ සැකයට හේතු වූ අතර, දීර්ඝ විමර්ශනයකින් පසු දියණියගේ පරස්පර ප්‍රකාශ ඔස්සේ අපරාධය අනාවරණය විය. අධිකරණ නඩු විභාගයෙන් පසු වරදකරුවන් වූ දියණියට සහ ඇයට සහය දුන් පෙම්වතාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.
















