මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී අද (ජූනි 22) අලුයම සිදු වූ රිය අනතුරකින් ට්‍රැක්ටර් රථ රියදුරෙකු අතුරුදන් වී තිබේ.
මාපාකඩ දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් වියානා ඇළට පෙරළී ගොස් ඇත.අනතුරින් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.අතුරුදන් වූ රියදුරු සොයා මේ වන විට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර, මහියංගනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















