කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, වරකාපොළ ප්‍රදේශයේදී අද (22) සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 6ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















