කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය අංගනයේ ඉදිකෙරෙන නව කර්මාන්ත ශාලාව (Workshop) සඳහා අවශ්‍ය දොඹකර පද්ධති (Crane) 5ක් ආනයනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
ආයෝජනය: පින්ලන්තයෙන් ආනයනය කර ඇති මෙම දොඹකර පද්ධති සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 1,352,342.73කි.ටොන් 50ක ධාරිතාවයෙන් යුත් Electrically Operated Double Girder Overhead Travelling Cranes දෙකක්, එන්ජින් සහ බොගි එසවීම සඳහා ටොන් 15ක ධාරිතාවයෙන් යුත් දොඹකර දෙකක් සහ ටොන් 10ක ධාරිතාවයෙන් යුත් දොඹකරයක්.
මෙම පද්ධති ස්ථාපිත කිරීමත් සමඟ දුම්රිය එන්ජින් සහ බොගි නඩත්තු කිරීමේ කාලය අවම කරමින් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වනු ඇත. අදාළ උපකරණ සවිකිරීමෙන් පසු රත්මලාන නව වැඩබිම තුළ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු මෙම වසර තුළම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ නඩත්තු ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම නවීකරණ ව්‍යාපෘතිය, දුම්රිය ප්‍රවාහන සේවාවේ විශ්වසනීයත්වය සහ තිරසර ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දෙනු ඇත.
















