2026 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,376ක් ලෙස වාර්තා වේ. ඉන් පැමිණිලි 1,884ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) පනත යටතේ ලැබී ඇති අතර, ඉතිරි පැමිණිලි 492 අනෙකුත් මිශ්‍ර කාණ්ඩ යටතේ සටහන්ව තිබේ. NCPA පනත යටතේ වාර්තා වූ ප්‍රධාන අපයෝජන කාණ්ඩ අතර ලිංගික හිරිහැර සම්බන්ධ පැමිණිලි 85ක් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, එක් පැමිණිල්ලක් තුළ අපරාධ වර්ග එකක් හෝ කිහිපයක් අඩංගු විය හැකි බැවින්, වාර්තා වී ඇති සමස්ත අපරාධ ගණන සහ දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ පැමිණිලි ගණන අතර සංඛ්‍යාත්මක වෙනසක් පැවතිය හැකි බව බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
















