මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) අංශය ශක්තිමත් කිරීම සඳහා වන ජාතික සමුළුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්වුණා. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබුණේ “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බලගැන්වීම, අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” යන තේමාව යටතේයි.
රැකියා උත්පාදනය හා දරිද්‍රතාවය අවම කිරීමට සුවිශේෂී දායකත්වයක් සපයන මෙම ව්‍යාපාරික ක්ෂේත්‍රය, මෑතකාලීන ආර්ථික අභියෝග නිසා මුහුණ දුන් අවදානමෙන් මුදවා ගැනීම සහ ඔවුන්ගේ තිරසාරභාවය වෙනුවෙන් ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මීට අමතරව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ NEDA ආයතනය එක්ව මධ්‍යම පළාතේ MSME ව්‍යවසායන් 1,000ක් ඇසුරින් සිදුකළ විශේෂ සමීක්ෂණයක වටිනා සොයාගැනීම් ද මෙහිදී ඉදිරිපත් කළ අතර, එම දත්ත ඉදිරි ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සෘජුවම දායක කරගැනීමට ද නියමිතයි.
















