මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු පරිපාලන ලේකම් රේණුකා පෙරේරා මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
අදාළ පෙත්සම මගින් පෙන්වා දෙන්නේ, ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වන අවස්ථාවේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ද කටයුතු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව එම තනතුර දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් වන බව පෙත්සම්කාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















