ලබුගම සහ කලටුවාව ජලාශවල සිට මහරගම දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සැපයුම් මාර්ගයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, හෙට (ජූනි 24) පස්වරු 6.00 සිට අනිද්දා (ජූනි 25) පස්වරු 6.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මෙම ජල කප්පාදුව හේතුවෙන් හෝමාගම, කොට්ටාව සහ මහරගම ඇතුළු අදාළ සැපයුම් මාර්ගයට සම්බන්ධ ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට මෙම කාලසීමාව තුළ ජල සැපයුම නොලැබෙනු ඇත. ජල කප්පාදුව සිදුවන කාලය තුළ අවශ්‍ය ජලය කල්තියා ගබඩා කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
















