ලෝකයේ වඩාත්ම උපායමාර්ගික වැදගත්කමක් ඇති නැව් මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් ඉරානය අතිශය තීරණාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ. ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙම සමුද්‍ර සන්ධිය යුද්ධයට පෙර ක්‍රියාත්මක වූ ආකාරයට හෝ පාලනය වූ ආකාරයට කිසිදා නැවත නොපැමිණෙන බවයි.
මෙම ප්‍රකාශය හරහා ටෙහෙරානය තම අභිප්‍රාය ඉතා පැහැදිලිව ලෝකයට පෙන්වා දී ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය මත තම දැඩි පාලනය අඛණ්ඩව පවත්වා ගැනීමට ඉරානය සූදානම් බව ඉන් ගම්‍ය වේ.
එක්සත් ජනපදය සමඟ කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමක් යටතේ තාක්ෂණික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙමින් තිබියදී මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි. මෙම වර්ධනයන් හමුවේ අන්තර්ජාතික නාවික කටයුතු සහ ලෝක බලවතුන්ගේ ප්‍රතිචාර කෙබඳු වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් ලෝක අවධානය යොමුව තිබේ.
















