අධිකරණ ක්ෂේත්‍රය තුළ මේ වන විට පැන නැඟී ඇති ව්‍යූහාත්මක ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගැනීමේ අරමුණින් හදිසි පාර්ලිමේන්තු විවාදයක් කැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (ජූනි 23) කථානායකවරයා වෙත ලිපියක් භාරදී තිබේ.
අදාළ ලිපිය මඟින් විපක්ෂය පෙන්වා දෙන්නේ, අධිකරණ පද්ධතියේ පවතින මෙම ව්‍යූහාත්මක ප්‍රශ්න විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර පවතින සබඳතාව මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් පවතින පසුබිමක, මෙම විවාදය අතිශය වැදගත් වනු ඇතැයි ද විපක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කරයි.
කථානායකවරයා වෙත භාරදුන් මෙම ලිපියට විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් ගණනාවක් අත්සන් තබා ඇති අතර, එම විවාදය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටී.
















