මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ නවමු පෙරළියක් සිදුකරමින්, ඩිජිටල් තාක්ෂණයේ ප්රමුඛයෙකු වන ‘හෙළකුරු’ සහ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය එක්ව හඳුන්වා දුන් ‘HelaGo’ දේශීය ටැක්සි සේවාව, සිය ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිලෝමීටර් මිලියනයක ගමන් සේවා සැපයීමේ කඩයිම පසුකර තිබේ.
2026 ජනවාරි මස 06 වන දින නිල වශයෙන් සිය සේවාවන් ආරම්භ කළ HelaGo, මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ මගී ජනතාවගේ සහ රියදුරන්ගේ දැඩි විශ්වාසය දිනාගැනීමට සමත් විය. ආරම්භයේදී බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම සේවාවට මේ වන විට 80,000කට අධික රියදුරන් පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන කරුණකි.
HelaGo සේවාව මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ කැපී පෙනෙන්නේ, රියදුරු සහ මගී යන දෙපාර්ශ්වයටම සාධාරණ වන අයුරින් මිල තීරණය කිරීමට ලබා දී ඇති ඉඩකඩ නිසාය. මගියෙකු ගමන් අවශ්‍යතාවක් යොමු කළ විට, ඒ අවට සිටින රියදුරන් ඉදිරිපත් කරන මිල ගණන්, රියදුරු ඇගයීම් සහ වාහන වර්ගය සසඳා බලා තමන්ට වඩාත්ම ගැලපෙන සහ සාධාරණ වාහනය තෝරා ගැනීමේ පූර්ණ නිදහස මගියාට හිමිවේ.
මීට අමතරව, හදිසි ගමන් අවශ්‍යතා සඳහා ‘Auto Booking’ පහසුකම සහ ඉහළම ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන් ද HelaGo සතු වේ. දේශීය අනන්‍යතාව රැකගනිමින් විනිවිදභාවයෙන් යුතු ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගත් HelaGo, නුදුරු අනාගතයේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම් කරමින් සිටී.
















