ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනවල පැවති සංඥා භාෂා පරිවර්තක පුරප්පාඩු සඳහා සුදුසුකම් ලැබූ පරිවර්තකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (22) සිදු කෙරිණි.
සංඥා භාෂා පරිවර්තක පුරප්පාඩු සඳහා අයදුම් කළ අපේක්ෂකයන් අතුරින්, ලිඛිත පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම දක්ෂතා දැක්වූ පිරිසක් මෙලෙස තෝරාගෙන ඇත.
ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය සේවාවන් සහ වෘත්තීය පුහුණු අවස්ථා වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ලබාගැනීම සඳහා මෙම පත්වීම් ඉවහල් වනු ඇත. මෙම පරිවර්තකයන්ගේ සේවය හරහා ශ්‍රවණාබාධිත පුද්ගලයන්ගේ සන්නිවේදන ගැටලු විසඳීමටත්, ඔවුන් සමාජගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇතැයි සමාජ සේවා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
















