දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානිවලට ලක්වූ රඹුක්කන – මහනුවර දුම්රිය මාර්ගය මේ වසර අවසානයට පෙර යළි යථා තත්ත්වයට පත් කර මහනුවර දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුව නිසා එම දුම්රිය මාර්ගයේ විනාශ වූ මුළු කොටස් සංඛ්‍යාව 97ක් වන අතර, ඉන් කොටස් 92ක් මේ වන විටත් සාර්ථකව ප්‍රතිසංස්කරණය කර අවසන් බව ඒ මහතා පැවසීය.
ඉතිරිව ඇති කොටස් 5 කඩිනමින් ප්‍රතිසංස්කරණය කර, මහනුවර දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, එමගින් දිට්වා කුණාටුව හේතුවෙන් අසරණ වූ මගීන්ට සහනයක් සැලසෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















