පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ආහාර වර්ජනයක් හේතුවෙන් රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත්වීමක් ඉල්ලා ඔහුගේ මව විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය අද (23) දින ශ්‍රී ලංකාවේ අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ ද සහභාගී වී සිටියාය.
ආහාර වර්ජනය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් නිසා සුරේෂ් සලේ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තම පුත්‍රයා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවධානය යොමු කරවා ගැනීම සහ මානුෂීය මැදිහත්වීමක් ලබා ගැනීම මෙම ලිපිය මගින් ඔවුන් අපේක්ෂා කරයි.
















