චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර හමුවක් ඊයේ (22) නවදිල්ලි නුවරදී පැවැත්විණි.
මෙම හමුවේදී චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, බ්‍රික්ස් (BRICS) සංවිධානයේ වාරික සභාපතිත්වය දරන ඉන්දියාවට එම කටයුතු සාර්ථක කර ගැනීමට චීනයේ සහාය නොඅඩුව ලබා දෙන බවයි. දෙරට අතර දේශසීමා කලාපය මේ වන විට සාමකාමී බවත්, එය ඉතා අපහසුවෙන් අත්කර ගත් ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එම හමුවේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අවධාරණය කළේ, චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් ලොව පළමු රටවල් අතරින් එකක් ලෙස ඉන්දියාව, චීන – තායිවාන ප්‍රදේශය සම්බන්ධ ගැටලුවේදී තමන් මෙතෙක් අනුගමනය කළ ස්ථාවරයෙහිම අඛණ්ඩව රැඳී සිටින බවයි.
තවද, දෙරටටම පොදු කරුණු සම්බන්ධයෙන් චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කිරීමටත් ඉන්දියාව අපේක්ෂා කරන බව අජිත් දෝවාල් මහතා මෙහිදී තහවුරු කළේය.
















