හැටන් සිට දික්ඔය හරහා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තිබේ.
මෙම අනතුර අද (23) දහවල් 12:00ට පමණ හැටන් – දික්ඔය දරවල ප්‍රදේශයේදී සිදුව ඇත. හැටන් පොලිසියේ රථවාහන අංශය පැවසුවේ, ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ලිස්සනසුළු වී තිබූ මාර්ගයෙහි, අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස්, දික්ඔය ෆෝඩයිස් සිට හැටන් දෙසට ධාවනය වූ බස් රථයේ ගැටී ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුර හේතුවෙන් යතුරුපැදියට සහ බස් රථයට බරපතල හානි සිදුව ඇති අතර, හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















