නෙදර්ලන්ත රජය මගින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා පරිත්‍යාග කර තිබූ වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (23) අවසන් කරන ලදී.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග විය. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා විසිනි.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව, අදාළ නඩුකරයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
















