දුම්රිය මාර්ග හරහා ගමන් කරන වන අලින් සහ දුම්රිය ගැටීමෙන් සිදුවන අනතුරු අවම කරගැනීමේ අරමුණින්, ආරක්ෂක පස් බැමි ඉදිකිරීමේ වැඩසටහනක් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ආරම්භ කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන දියත් කෙරුණි. දුම්රිය මාර්ගය හරහා වන අලින් ගමන් කිරීමේදී සිදුවන අනතුරු හේතුවෙන් වන අලින් විශාල පිරිසක් මියයාම වසර ගණනාවක සිට පැවති බරපතල පාරිසරික ගැටලුවකි.
මෙම පස් බැමි ඉදිකිරීම හරහා වන අලින් දුම්රිය මාර්ගයට පිවිසීම පාලනය කරමින්, අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඒ ඔස්සේ දුම්රිය ගමනාගමනයට බාධාවන අනතුරු අවම කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල වන අලි ගහනය සහ දුම්රිය මාර්ග පද්ධතියේ ආරක්ෂාව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇතැයි බලධාරීහු පවසති.
















