2016 ජුනි මස සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යෑමෙන් දැඩි හානියකට ලක් වූ සාලාව නගරය, පෙර පැවති තත්ත්වයට වඩා දියුණු මට්ටමකින් නව සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම සඳහා මූලික පියවර ගෙන තිබේ.
නාගරික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා සහ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
මෙම සංවර්ධන කටයුතු සඳහා මීට පෙර අක්කර 5ක භූමි ප්‍රමාණයක් වෙන් කර තිබුණි. නීතිමය ප්‍රමාදයන් හේතුවෙන් වසර 10ක් පුරා අඩපණව තිබූ මෙම ව්‍යාපෘතිය, අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට වත්මන් රජයේ අවධානය යොමුව තිබේ.
සාලාව සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාවගේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සහ ව්‍යාපාරික ප්‍රජාවට එම ප්‍රදේශය ස්ථිර ව්‍යාපාර පරිශ්‍රයක් බවට පත් කර ගැනීමේ අවස්ථාව ලබා දීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණයි.
















