මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයන්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මඟින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ඡන්ද දායකයෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති පසුබිමක, තවදුරටත් ඇඟිල්ලේ තීන්ත සලකුණු කිරීම එකම අරමුණක් වෙනුවෙන් ක්‍රමවේද දෙකක් අනුගමනය කිරීමකි. මෙමගින් ඡන්ද මධ්‍යස්ථාන තුළ රාජකාරි කටයුතු ප්‍රමාද වීම සහ මැතිවරණ පැවැත්වීම සඳහා රජයට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවීම යන ගැටලු මතු වී තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරණ පනත, මහ මැතිවරණ පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සහ ජනමත විචාරණ පනත යන පනත්වල අදාළ වගන්ති සංශෝධනය කිරීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ රජයේ අනවශ්‍ය වියදම් අවම කිරීම මෙම නව ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණයි.
















