ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ලබුගම සහ කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ මෙම නඩත්තු කටයුතු සිදු කෙරේ.
ඒ අනුව අද (24) පස්වරු 6.00 සිට හෙට (25) පස්වරු 6.00 දක්වා පැය 24ක කාලයක් ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය කණගාටුව පළ කරන අතර, එම කාලසීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















