ඌව විශ්වවිද්‍යාලයේ පුස්තකාල කාර්යාල කාර්ය සහයක තනතුරක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) නියෝග කළේය.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අමරනාත් මුදියන්සේලාගේ කිරිබණ්ඩා නැමැත්තෙකි.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, අදාළ මුදල අල්ලසක් නොව තම සේවාදායකයා විසින් ලබාගත් ණය මුදලක් බවයි.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් කැඳවමින් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
















