ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් (වතුකරයේ) ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර කඩිනමින් නිම කළ යුතු බවට ආයතන කිහිපයකටම දැඩි උපදෙස් ලඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් (වතුකරයේ) ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර කඩිනමින් නිම කළ යුතු බවට ආයතන කිහිපයකටම දැඩි උපදෙස් ල#sinhalanewsබා දී තිබේ.
මෙම නිවාස වැඩපිළිවෙළ ප්‍රධාන කොටස් දෙකක් යටතේ සිදු කෙරෙන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මඟින් ආපදා අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත් ස්ථානවල පවුල් වෙත නිවාස 2,026ක් ද, ඉතිරි නිවාස සංඛ්‍යාව ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක් ඇතුළු වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් ද වෙන් කෙරේ. ද්විපාර්ශ්වික මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ එක් නිවසක් වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක් බැගින් ප්‍රතිපාදන වෙන් කර ඇත. නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් නිදහස් කිරීම සහ සුදුසු ඉඩම් වාර්තා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස ද මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
















