සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරන ලද අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද (24) සාර්ථකව පවත්වා තිබේ.
චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සහන වැඩසටහන ගාල්ල, අඟුළුගහ මහා විද්‍යාලයේදී පැවැත්විණි. මෙහිදී එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් 500 දෙනෙකු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් පිරිනැමුණු අතර, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මළු බෙදාදීම ද සිදු කෙරිණි.
















