කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් 271ක සමස්ත ඉපැයීම්, මේ වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුව තුළදී පහත වැටීමක් වාර්තා කර තිබේ. මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන First Capital Research ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, එම සමාගම් ලබා ඇති සමස්ත ඉපැයීම් පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 11.4ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරයි.















