මෙරට ඇතැම් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල ඩෙංගු මදුරු කීට ඝනත්වය මනින ‘බිටෝ දර්ශකය’ (Breteau Index) සාමාන්‍ය මට්ටම මෙන් පස් ගුණයකින් (500%කින්) ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් 5කට ආසන්න අගයක පැවතිය යුතු බිටෝ දර්ශකය, මේ වන විට ඇතැම් ප්‍රදේශවල 25 දක්වා දරුණු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
කීට ඝනත්වය මෙලෙස පස් ගුණයකින් ඉහළ යාම හේතුවෙන්, ඉදිරි සතිය ඇතුළත දැනට වාර්තා වන රෝගීන් ප්‍රමාණයට වඩා විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව ද ඔහු අවධාරණය කළේය. මේ හේතුවෙන් නිවෙස් සහ අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින්, ඩෙංගු මර්දන කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















