වියට්නාමය සහ ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය කරන ගම්මිරිස්වලට වඩා ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට ලෝක වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගුණාත්මකභාවය සහ සැර ගතිය අතින් ලංකාවේ ගම්මිරිස් ඉහළ මට්ටමක පවතින බැවින් ලෝක වෙළෙඳපොළේ අපේ ගම්මිරිස්වල මිල සාමාන්‍යයෙන් වැඩි බවයි. සාමාන්‍යයෙන් වියට්නාම ගම්මිරිස් ඇට 4ක් පමණ සැපූ විට ලැබෙන සැර ප්‍රමාණය ලංකාවේ එක ගම්මිරිස් ඇටයකින් ලබාගත හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ නිසාම ශ්‍රී ලාංකීය ගම්මිරිස්වලට ලෝකයේ සුවිශේෂී ඇගයීමක් හිමිව ඇති බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
















