ශ්‍රී ලංකාවේ දක්ෂතම මර්සිඩීස්-බෙන්ස් (Mercedes-Benz) ගොල්ෆ් ක්‍රීඩකයින් 68 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, 32 වන වරටත් සංවිධානය කෙරුණු “DIMO | MercedesTrophy Sri Lanka 2026” තරගාවලිය නුවරඑළිය ගොල්ෆ් සමාජ ක්‍රීඩාංගණයේදී (Nuwara Eliya Golf Club) අතිසාර්ථකව පවත්වා තිබේ. දින දෙකක් පුරා මධ්‍යම කඳුකරයේ සුන්දර පරිසරය මැද පැවැත්වුණු මෙම ප්‍රමුඛ පෙළේ තරගාවලිය, සමාරම්භක සභාපති කොක්ටේල් සාදයේ සිට අවසාන මහා තරගය දක්වා ඉහළම ප්‍රමිතියෙන් යුතුව සංවිධානය කර තිබුණි.
මෙහිදී ජයග්‍රහණය වාර්තා කළ සුවිශේෂී ශූරයන් වෙනුවෙන් ශ්‍රී ලාංකීය ගොල්ෆ් ඉතිහාසයේ පිරිනමනු ලබන සුවිශේෂීම ත්‍යාගය වන ස්වීඩනයේ ආක්ටික් කලාපයේ (Arctic Circle, Sweden) පැවැත්වෙන සුවිශේෂී “Mercedes-Benz Perfection Driving Experience” සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි විය. 32 වන මර්සිඩීස් කුසලාන තරගාවලිය සාර්ථක කර ගැනීමට දායක වූ සමස්ත මර්සිඩීස්-බෙන්ස් ප්‍රජාවට, ක්‍රීඩකයින්ට සහ ආරාධිතයන්ට සංවිධායක මණ්ඩලය සිය කෘතඥතාව පළ කර සිටියි.
















