16 වන බ්‍රික්ස් (BRICS) රාජ්‍ය ආරක්ෂක උපදේශකවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.
මෙහිදී අදහස් දක්වමින් අගමැති මෝදි මහතා සඳහන් කළේ, වත්මන් ලෝක තත්ත්වය හමුවේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බවත්, ලබන වසරේ බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය දරන චීනයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය හිමිවන බවත්ය. මේ අතර චීන විදේශ ඇමැතිවරයා කියාසිටියේ, දෙරට අතර ඇති සැකයන් දුරු කර ගනිමින් අන්‍යෝන්‍ය විශ්වාසය හා සබඳතා ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවයි.
















