යාපනයේ සිට කතරගම පුදබිම දක්වා ගමන් ගන්නා වාර්ෂික පාද යාත්‍රාවට ස්වේච්ඡාවෙන්ම එක්වූ ‘සුබ්‍රමනියම්’ නමැති සුනඛයෙකු පිළිබඳව මේ දිනවල රට පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මුලතිව් ප්‍රදේශයේදී කිසිදු අයිතිකරුවෙකු නොමැතිව බැතිමතුන් සමඟ ගමනට එක්වූ මෙම සුනඛයා, දෙවියන්ගේ හාස්කමක් ලෙස සලකා බැතිමතුන් විසින් ගෙලෙහි රෙදි කඩක් බැඳ, නළලත තිලක තබා ‘සුබ්‍රමනියම්’ යන නමින් හඳුන්වනු ලබයි.
ස්වභාවයෙන්ම මාංශ භක්ෂක සත්වයෙකු වුවද, පසුගිය දින 32 පුරාම මෙම සුනඛයා බැතිමතුන් දෙන බිස්කට්, කිරි, පාන් සහ නිර්මාංශ ආහාර පමණක් කෑම කාගේත් මවිතයට හේතු වී ඇත. ත්‍රිකුණාමලයේදී සත්වයා අසනීප වූ අවස්ථාවේදී බෙහෙත් ලබාදීමටද බැතිමතුන් කටයුතු කර තිබේ. දුෂ්කර පාද යාත්‍රාවේ යෙදෙන ජනතාව පවසන්නේ ‘සුබ්‍රමනියම්ගේ’ මේ හැසිරීම තමන්ට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් බවයි.
















