වෙනිසියුලාවට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇති අතර, එහි බලපෑමෙන් අගනුවර වන කැරකස් (Caracas) නුවර ඇතැම් ගොඩනැගිලි කඩා වැටී දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් වෙනිසියුලාව සහ ඒ ආසන්න කැරිබියන් දූපත් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. දැනට ලැබෙන වාර්තාවලට අනුව, ලෝකයේ තවත් ස්ථාන දෙකක ආසන්න කාලයකදී භූ කම්පන වාර්තා වී ඇති අතර, ඒ සමඟ ලෝකයේ ප්‍රධාන කලාප කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
අද උදෑසන කැරකස් නුවරින් ඇරඹි මෙම භූ කම්පන මාලාවත් සමඟ ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කර තිබේ. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති කලාපවල සිටින ජනතාවට කඩිනමින් උස් බිම් වෙත ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ විසින් දැඩි ලෙස අනතුරු අඟවා ඇත. තත්ත්වය පිළිබඳව තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතී.
















