හොර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් කිසිදු ආකාරයක බදු මුදලක්, රක්ෂණ ගාස්තුවක් හෝ වෙනත් අයකිරීමක් තමන් විසින් අපේක්ෂා නොකරන බවත්, එවැන්නක් මෙතෙක් අය කර නොමැති බවත් ඉරානය විසින් තමන්ට දැනුම් දී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. හොර්මූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව කලබලකාරී වාතාවරණයක් මවමින් ඇතැම් පාර්ශව ව්‍යාජ පුවත් පතුරුවා හරින බවට චෝදනා කරන ට්‍රම්ප්, එම ප්‍රචාරවල සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඉරානය විසින් ලබා දී ඇති මෙම සහතික කිරීම්වලට පටහැනිව කටයුතු කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් හෝ කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් වුවහොත් ඉන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා සිටී. ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් හොර්මූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය බාධාවකින් තොරව පවත්වාගෙන යාම තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සිය සටහනින් වැඩිදුරටත් කියා සිටී.















