ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල තවදුරටත් පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳපොලේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 72.32ක් ලෙස සටහන් වේ.
එසේම, WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, එය අමෙරිකානු ඩොලර් 70 සීමාවෙන් පහළට පැමිණ ඩොලර් 69ක අගයක් ගෙන තිබේ. ගෝලීය ඉල්ලුම සහ සැපයුම සම්බන්ධයෙන් පවතින විවිධ සාධක මෙම මිල වෙනස්කම්වලට හේතු වී ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයින් පවසති.















