පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් බිලිගනිමින් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබදව වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට බිලිවී සිටින වෛද්‍ය පීඨ සිසුන් බේරාගැනීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
2026-06-01 දිනැතිව සෘජුවම පොලිස්පතිවරයා අමතා ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සමෙහි පිටපත් විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු සියළු ආකාරයේ නිලධාරීන්ටද යොමුකර තිබෙන්නේ ඔවුන්ගේ ක්‍ෂණික මැදිහත්වීම අපේක්‍ෂා කරමිනි.
අදාල පෙත්සම මගින් විශ්වවිද්‍යාලය කේන්ද්‍රකරගනිමින් ක‍්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහරින්නන්, ඔවුන් සේවය කරනු ලබන ස්ථාන සහ ඊට අනුබල ලබාදෙන නිලධාරීන්ගේ නම් ගම් පවා සදහන් කර තිබෙන නමුත් අප මෙහිදී එකී නිලධාරීන්ගේ නම් ගම් සහ සේවය කරනු ලබන ස්ථාන සදහන් නොකරන්නේ සිදුවෙතැයි අපේක්‍ෂා කරන පරීක්‍ෂණ කටයුතු වලට රුකුලක් වනු පිණිසය.නම් ගම් හෙලිදරව් වුවහොත් අදාල අපරාධකරුවන් සහ ඔවුන්ට අනුබල දෙන්නන් සැගවී යාමට ඉඩ තිබෙන අතර සාක්‍ෂි සහ ක‍්‍රමවේද වහාම වෙනස් කරනු ඇත.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ඉහල නිලධාරියෙකුගේ නමක්ද මේ සමග ගෑවී තිබෙන බව පමණක් දැනට සටහන් කල හැකිය.
මෙම ජාවාරමට ගොදුරුවීම හේතුවෙන් වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු අධ්‍යාපනික, සාමාජයීය, මානසික සහ ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්ව ඇති අතර ඉන් එක් සිසුවෙකුගේ අධ්‍යයන කාර්ය සාධනය පහල ගොස්, එක් විභාගයකින් අසමත් වීමද සිදුව ඇති බව පෙත්සමෙහි පෙන්වාදී තිබේ.
















